උතුරේ ජල කරාමයෙන් ගලන්නේ අගමැතිතුමාගේ කරුණාවයි සංහිඳියාවයි මුසු ජලයයි…! – වාසු…

October 6, 2021 at 9:46 pm | by emanisa.lk

උතුරේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලමින් කරාමයෙන් පානීය ජලය සමග අගමැති මහින්ද රාජපක්ෂගේ හදවතේ කරුණාව සහ සංහිඳියාව ද ගලා යන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

අද (06) නාගදීපයේ සහ යාපනයේ ජල සම්පාදන ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමේ සහ ආරම්භ කිරීමේ අවස්ථාවට එකතු වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

“කිසිවෙක් පරාජය කිරීම නොව යුද්ධය අවසන් කිරීමයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ එදා අභිප්‍රාය වුණේ.

කීයක් වියදම් වුණත් යුද්ධයෙන් අහිමිවුණ උවමනාකම් ඔවුන්ට ලබාදෙන්න කියලා අග්‍රාමාත්‍යතුමා අපිව නිතර දැනුවත් කළා.

වැඩිපුර වියදම් යනවා කියලා කැබිනෙට්ටුවේ සඳහන් කරපු වෙලාවෙත් අග්‍රාමාත්‍යතුමා කීයක් වියදම් වුණත් මේ ජල සම්පාදන ක්‍රමය අපි ඇති කළ යුතුයි කියලා කිව්වා.

මේ සියල්ල උතුරේ පිපාසයෙන් ඉන්න ජනතාව වෙනුවෙන්. එදා මගේ හදවතේ මල් පිපුණා. මේ ගලා යන පානීය ජලය සමඟ අග්‍රාමාත්‍යතුමාගේ හදවතේ කරුණාව හා සංහිඳියාව ගලා යන බව කිව යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *