උත්සව සමේ ජනතාව පටි තරකර ගනී..! පිරවුම්හල් වේලෙයි..! ඉන්ධන අලෙවිය 50%කින් බහී..!

December 28, 2023 at 10:27 am | by emanisa.lk

වෙනත් වර්ෂවලට සාපේක්ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන පාරිභෝජනය සියයට 50කින් පමණ අඩු වී ඇති අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ශෙල්ටන් ප්‍රනාන්දු පැවසුවේ, මේ නිසා ඉන්ධන පිරවුම්හල් හිමියන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවය.

“මිල ඉහළ යාමත් ජනතාව දැන් හුඟාක් වාහනවලින් ගමනාගමනය අඩුකරලා තියෙන්නේ. හුඟ දෙනෙක් පොදු ප්‍රවාහනයේ යනවා. පරණ තිබුණ පරිභෝජනය හා සසඳා බලද්දි ගොඩක් අය අත්‍යවශ්‍ය ගමන් සඳහා තමයි තෙල් ගහලා වාහනේ තියාගෙන ඉන්නේ. ත්‍රීවිල්, බයික් පොඩ්ඩ පොඩ්ඩ හරි ගහනවා. පිට පළාත්වල ෂෙඩ්වල මේක හොඳට පේනවා. ඒ පැත්තෙන් බලනකොට වෙළෙඳාම සෑහෙන අඩුවෙලා තියෙනවා.”

පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිලදී ගැනීම සඳහා සහනයක් ලබාදෙන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලීමක් කර ඇති බව ද ශෙල්ටන් ප්‍රනාන්දු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *