ඊළමේ ඉඩම් අල්ලන විදුර ඇමතිකමින් නෙරපනු..! -TNA…

June 15, 2023 at 10:07 pm | by emanisa.lk

බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක එම ධුරයෙන් ඉවත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

චාවකච්චේරිය දී මාධ්‍ය අමතමින් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මේ බව කියා සිටියේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග ඉල්ලා අස්වීමේ සිදුවීම විවාදාත්මක තත්ත්වයක් ඇති කර තිබෙන නමුත් මෑතක දී ජනාධිපතිවරයා හා පැවති සාකච්ඡාවලදී පවා අනුර මනතුංග අදහස් දැක්වූයේ කැබිනට් තීරණ පවා ක්‍රියාත්මක කිරීමට අකමැති ආකාරයෙන් බවද මන්ත්‍රීවරයා පැවසීය.

නමුත් එම තත්ත්වය විෂය භාර අමාත්‍යවරයා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර පවතින ගැටලුවක් වන බවත් එම ගැටලුව තම පාර්ශ්වයට අදාල නොවන බවත් මන්ත්‍රීවරයා කියා සිටියි.

තම පක්ෂයට ඇති ගැටලුව නම් උතුර නැගෙනහිර පළාත්වල ඉඩම් ආක්‍රමණය කිරීම බව පැවසූ මන්ත්‍රීවරයා, විදුර වික්‍රමනායක එම ධුරයෙන් ඉවත් කරන්නයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද වැඩිදුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *