ඊළඟ ජනාධිපතිවරණයට රනිල් ළඟ හිට ගන්නවා..! – ශෙහාන් සේමසිංහ…

December 20, 2023 at 11:24 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් අනිවාර්යයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

“මේ ගෙනයන වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න ජනාධිපතිතුමාගේ නායකත්වය මේ රටට අවශ්‍යයයි. ඒකට හේතුව හැටියට මම දකින්නෙ, එකක් තමයි දැනට අපි ස්ථාවරත්වයක් පෙන්නුවාට වගකීම් විරහිතව ජනප්‍රිය මාතෘකා ඔස්සේ ගිහිල්ලා අර වේදිකාවල කතා කරන දේවල් කතා කරකර හිටියොත් මේ රට ප්‍රපාතයකට පැමිණීම කාටවත් නවත්වන්න බෑ.

මීළඟ මැතිවරණයකදී ජනාධිපතිවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත්විය යුතුයි. මොකද අපි තවම මේ අවදානම් සහගත සංකීර්ණ ක්‍රියාවලියෙන් එළියට ගිහිල්ලා නෑ. මේ යන වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න කාටවත් ඉඩදෙන්න බෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *