ඊළඟ ජනපති තෝරන්නේ හොරකමට එරෙහි දාහත් ලක්ෂයක් තරුණයෝ! සජිත් ප්‍රේමදාස හොරෙක් නෙමෙයි! – නවීන්

January 31, 2019 at 8:42 am | by admin

වර්තමානයේ ඉතාමත්ම එකමුතු දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවත්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා යැයි කියන සහෝදරයින් අතර පවා මත ගැටුම් ඇති වී ඇති බවත් පවසන වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා, ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපතිවරයා කවරෙක්ද යන්න තීරණය වන්නේ ඡන්ද නාම ලේඛනයට අලුතෙන් එක්ව සිටින හොරකමට, දූෂණයට, භීෂණයට අකමැති දාහත් ලක්ෂයක තරුණ ඡන්දවලින් මිස පවුල් බලයෙන් නොවන බවද අවධාරණය කළේය.

මේ නවක ඡන්ද දායකයා කැමති පවිත්‍ර නායකයකුට බවත්, ඒ අනුව එජාපය එවන් වූ පවිත්‍ර නායකත්වයක් ලබා දීමට පියවර ගන්නා බවත් හෙතෙම අවධාරණය කළේය. වැවිලි කර්මාන්ත ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඉරිදා (27) නුවරඑළිය සමූපකාර සමිතියේ අල ගොවීන් සඳහා අර්තාපල් බීජ ලබා දීමේ වැඩසටහනට සහභාගි වෙමිනි. එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය

“සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව මුහුණු පොතේ එක එක දේවල් මේ දවස්වල යනවා. ඒ අමාත්‍යංශයේ සොරකම් සිදුව තිබෙන බව කියා තිබුණත් සජිත් ප්‍රේමදාස මහතා හොරෙක් නෙවෙයි. ඔහුට සොරකම් කරන්න අවශ්‍ය නැහැ. ඵල ඇති තැනටයි ගල් ගහන්නේ. ඔහු වැඩ කරගෙන යනවිට සමහර අය ඒකට කැමති නැහැ. එතුමා ජනතා සේවය පිණිස විශාල වැඩ කොටසක් කරනවා. බලා සිටින්න නොහැකි අය ගල් ගහන්න පටන් ගන්නවා. ඊර්ෂ්‍යාවට විරුද්ධවාදීන් මෙවැනි දේ ක්‍රියාත්මක කරනවා.

මේ වසරේ ඉතාමත් එකමුතු දේශපාලන පක්ෂයක් ලෙස අපේ ඉදිරි කටයුතු සිදු කරන අතර කුඩා මතවාද තිබෙන නමුත් අපේ පක්ෂය අනිත් පක්ෂත් එක්ක සන්සන්දනය කරන විට පුදුමාකාර එකමුතුවකින් කටයුතු කරන්නේ. දින දහයකට පමණ කළින් ගෝඨාභය මහතා කිව්වා මම ජනාධිපති අපේක්ෂකකමට එනවා කියා. ඊට පස්සේ අනෙක් සහෝදරයාත් කියනවා මමත් එනවා කියා. එයින් තේරුම් යන්නේ සහෝදරයෝ අතරත් එකමුතුකමක් නෑ කියන එකයි. එම පුටුවේ ඉඳගැනීමට තිබෙන මේ එකිනෙකාගෙ කෑදරකමයි මෙයින් පෙනෙන්නෙ. මේ අතර කුමාර වෙල්ගම මහතා කියනවා ගෝඨාභය මහත්තයා එනවා නම් එයා වැඩ කරන්නේ නෑ කියා. ඒ අයුරින් අපේ පක්ෂය පවුල්වලට සීමා වී නැහැ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *