ඊජිප්තු අවලෝකිතේෂ්වර රිමාන්ඩ්…! මනෝ වෛද්‍යවරයෙකුටත් පෙන්නයි..!

January 16, 2024 at 2:29 pm | by emanisa.lk

අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට නිගාවන ආකාරයේ දේශන පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් මහින්ද කොඩිතුවක්කු නැමැත්තා එළඹෙන 24 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.

එදිනට සැකකරු මනෝ වෛද්‍යවරයකු හමුවට යොමු කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ද අධිකරණය දැනුම් දුන්නේය.

සැකකරු අද (16) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.

සැකකරු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පන්නිපිටියේදී ඊයේ (15) අත්අඩංගුවට ගනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *