ඉන්ධන සඳහා ත්‍රිවිල් ලියාපදිංචිය අනිවාර්යයි..! අගෝස්තුවේ සිට තෙල් ලියාපදිංචි ඉන්ධනහලින් විතරයි…!

July 26, 2022 at 3:05 pm | by emanisa.lk

ඉන්ධන ලබාගැනීම සඳහා සියලුම ත්‍රීරෝද රථ හිමියන් තමන්ට අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේ, ජුලි(31) වනදාට පෙර සියලුම ත්‍රීරෝද රථ එලෙස ලියාපදිංචි විය යුතු බවය.

එමෙන්ම ත්‍රීරෝද රථ ලියාපදිංචියේ දී ආසන්න පිරවුම්හල නම් කළ යුතු අතර, අගෝස්තු(01) වනදා සිට ත්‍රීරෝද රථවලට ඉන්ධන නිකුත් කරනු ලබන්නේ එලෙස නම් කළ පිරවුම්හලෙන් පමණක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් දැනුම්දෙයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *