ඉන්ධන ඖෂධ ආනයනයට විනිමය හිඟයක් රටේ නෑ…! – මහ බැංකු අධිපති…

March 6, 2023 at 9:08 am | by emanisa.lk

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා විදේශ විනිමය හිඟයක් මේ වන විට රට තුළ නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

“බැංකුව තුළින් එන ප්‍රේෂණ අඩුවීමට ප්‍රධාන හේතුව වුණේ 2021 වසරේ ඉඳලා. අපේ 203යි කියලා ෆික්ස් කරගෙන හිටියා. වෙනමම බැංකු ක්‍රමයෙන් පිට තමයි සම්පූර්ණයෙන් වෙළෙඳාම සිදුවුණේ.
බැංකුවේ තියෙන මුදලයි, මුදල් හුවමාරු ආයතනවලින් එන මුදල අතර වෙනසක් නැහැ. අත්‍යවශ්‍ය දේ සඳහා විදේශ විනිමය හිඟයක් නැහැ.

තෙල්, ගෑස්, ගල්අඟුරු, අත්‍යවශ්‍ය ඖෂධ සඳහා සියලු ම දේවල් සඳහා අවශ්‍ය විදේශ විනිමය දැන් මහ බැංකුවෙන් සපයන්නේ නැහැ.

එය සපයා ගන්නේ බැංකු ක්‍රමය තුළින් ඒකේ සංවිත දැන් මිලියන 600ට විතර වැඩිවෙලා තියෙනවා. ඒක දිගටම වැඩිවෙනවා.”

ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ, මහ බැංකු වෙබ් අඩවියේ පළ කර තිබූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *