ඉන්ධන අඩු කළා කියලා පාන් මිල අඩු කරන්න බෑ…!

March 29, 2023 at 6:00 pm | by emanisa.lk

ඉන්ධන මිල අඩු වුව ද පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පවසයි.

මීට පෙර ඉන්ධන මිල වැඩි වූ අවස්ථාවල දී සහ අඩු වූ අවස්ථාවල දී බේකරි නිෂ්පාදන මිල වැඩි හෝ අඩු නොකළ බව ප්‍රකාශ කළ හෙතෙම එළැඹෙන සිංහල අවුරුදු සමය වන විට ඉන්ධන මිල තවත් අඩු වී ආනයනික බිත්තර හිඟයක් තොරව බේකරිවලට ලැබෙන්නේ නම් එම සහනය ජනතාවට ලබාදීම සඳහා පාන්, කේක් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අනිවාර්යෙන්ම අඩු කරන බව ද අවධාරණය කළේය.

බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට තරම් මෙවර ඉන්ධන මිල සංශෝධනය වී නොමැති බවත් බේකරි කර්මාන්තයේ දී ඩීසල්, පෙට්රල්, භූමිතෙල් ගෑස් සහ දර උපයෝගී කර ගන්නා බවද පැවසූ සභාපතිවරයා, දිනකට බේකරිවලට පමණක් බිත්තර ලක්ෂ හතළිහක් පමණ සහ ඉන්ධන විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන බව ද කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *