ඉන්දියාව වගේ ගොඩ යනවා ද.. ගෝත්‍රිකවාදී අතීතකාමයේ වැළලෙනවා ද..? – අනුර…

February 27, 2024 at 1:28 pm | by emanisa.lk

නිදහසින් පසු මෙරට පාලකයින් ක්‍රියාත්මක වූයේ ජාතික ප්‍රතිපත්තියක් වෙනුවට ජාතීන් කෙටවීමේ ප්‍රතිපත්තියක බව ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා පවසයි.

ඒ නිසා අදටත් ශ්‍රී ලංකාව එම සිරවීම තුළම සිටින බවත් ගෝත්‍රිකවාදයේ, වැඩවසම්වාදයේ, අතීත කාමයේ හිරවූ ජනතාව නූතනත්වයට කැඳවීමේ කාර්ය ජාතික ජන බලවේගය සතුව තිබෙන බවත් හෙතෙම සඳහන් කරයි.

අනුර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කොළඹ දිස්ත්‍රික්ක සමුළුව අමතමිනි.

නිදහසින් පසු ඉන්දියාව හින්දූත්වය පදනම් කරගෙන නූතනත්වය කරා ගොස් ආසියාවේ ප්‍රබලම රාජ්‍යයක් බවට පත්ව ඇතැයි ද ඔවුන් මෝටර් රථ නිෂ්පාදනය, IT තාක්ෂණය, කිරි නිෂ්පාදනය ආදී ක්ෂේත්‍රවලින් ප්‍රබලත්වයට පත්ව හඳ ජයගත් ජාතියක් බවට පත්ව ඇති බවයි, අනුර දිසානායක ප්‍රකාශ කළේ.

ඒ අනුව රට වෙනස් කිරීමට නම් මිනිසාගේ අවශ්‍යතා සපුරන නිෂ්පාදන මාදිලිය තීන්දු තීරණ ගන්නා හරයාත්මකව නව දිශාවකට රට යොමුකළ යුතු වබ බවයි ඔහු අවධාරණය කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *