ඉදිරියේදී මම හදන ආණ්ඩුවට කිසිම රාජපක්ෂ කෙනෙක් ගන්නේ නෑ!- රොහාන් පල්ලේවත්ත

July 9, 2019 at 11:29 pm | by emanisa.lk

ඉදිරියේ දී තමන් පිහිටුවනු ලබන ආණ්ඩුවට රාජපක්ෂ පවුලේ කිසිවකු සම්බන්ධ කර නොගන්නා බව 2020 ජනාධිපතිවරණ අපේක්ෂක රොහාන් පල්ලේවත්ත පවසයි.

පාර්ලිමේන්තුවේ සිටින 225ම එපාය යන ශීර්ෂය සකස් කළේ තම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බව පවසන පල්ලේවත්ත වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු තමන්ට සහාය පළ කිරීමට ඉදිරිපත් වුවත් තමා එය ප්‍රතික්ෂේප කළ බව ද හෙළි කළේය.

පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්කිරීම ව්‍යවස්ථා විරෝධී බවත් රටේ උත්තරීතර නීතිය උල්ලංඝනය කළ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුුතු බවත් ජනාධිපතිවරයාගේ ඥාති සහෝදරයකු වන පල්ලේවත්තේ ප්‍රකාශ කරයි.

බීබීසී සිංහල සේවය සමග කළ සාකච්ඡාවක දී මෙම අදහස් පළ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *