ඇහැලේපොළ වලව්ව දළඳා මැදුරට…!

April 2, 2024 at 11:21 am | by emanisa.lk

ඇහැලේපොළ වලව්ව හා ඊට අයත් භූමිය පූජා ඔප්පුවක් මගින් දළදා මාලිගාව වෙත පවරාදීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඇහැලේපොළ පවුල ප්‍රමුඛ කර ගනිමින් වසර සිය ගණනකට එපිට පැවති මහනුවර රාජධානිය ශ්‍රී විභූතිය හා එම පරිසරයේ පසුබිම නිරූපණය වන අයුරින් මෙම ගොඩනැගිල්ල තුළ ඉටි රූප කෞතුකාගාරයක් පිහිටුවීමට සැලසුම් කර තිබේ.

එමඟින් එකල ඉතිහාසය පිළිබඳ තොරතුරු වර්තමාන ජන සමාජය වෙත වඩාත් ආකර්ෂණීය අයුරින් ඉදිරිපත් කිරීම සහ දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණය ඇති කිරීමත් එහි අරමුණු වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *