ඇස් ගිළුණු නොනිදන ඇමතිගෙන් රූපවාහිනියට කෝටි 17ක් පොල්ලක්! සේවක පඩි ගෙවන්න කෝටි 30ක් භාණ්ඩාගාරයෙන් ඉල්ලයි! සභාතිනියට ගෙදර යන්න වෙයි!

July 11, 2019 at 9:42 pm | by emanisa.lk

ජාතික රූපවාහිනියට එක්තරා ඇමතිවරයෙකුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මිලියන 170ක අයවිය යුතුව ඇතත් එය ගෙවා නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසීය.

මෙම ඇමතිවරයා නම් වශයෙන් හෙළිකරන්නට අකමැති නමුත් මුහුණේ මහන්සි පාට තිබෙන, ඇස් ගිලිච්චි, නින්ද යන්නේ නැතැයි එම ඇමති විසින්ම හඳුන්වාගන්නා අයකු බවද මන්ත්‍රීවරයා පැවසීය.

මේ ආකාරයට අදාළ මුදල් නොගෙවීම නිසා ජාතික රූපවාහිනිය දැඩි මූල්‍ය අර්බූදයකට ගොදුරු වී ඇති අතර සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා මිලියන 300 ක් ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් ද කර ඇතැයි ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

මෙම මූල්‍ය අර්බුදය පසුගියදා එජාප ඇමති හමුවක දී සාකච්ඡා වූ අතර රූපවාහිනී සභාපතිනිය ඇතුළු ඉහළ නිලධාරියෙකුට වහාම ඉල්ලා අස්වන ලෙස ඇමති රුවන් විජේවර්ධන ලිඛිතව දන්වා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *