ඇමැති ලියුමක් එවන කල් වර්ජනය අතහරින්නේ නෑ..! – රවී කුමුදේශ්…

February 14, 2024 at 6:26 pm | by emanisa.lk

තම ගැටළුව පිළිබඳ සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලිඛිත දැනුම්දීමක් සිදුකරන තුරු සිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මේ බව සඳහන් කළේය.

වෛද්‍යවරුන් සඳහා ලබාදුන් ඩැට් දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඊයේ (13) උදෑසන 6.30 සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *