ඇමති රුවන්ගේ රථ පෙළට පාර වසා තිබියදී විරෝධය පෑ අයට වැඩ වරදියි! ත්‍රස්ත විමර්ශන පසෙක තබා ප්‍රභූ රථ පෙළට රෙස්පෙක්ට් නොකළ වාහන සොයා විමර්ශන ඇරඹෙයි!

May 26, 2019 at 3:56 pm | by admin

ප්‍රභූ වාහන පෙළක ගමන් ගත් ඇමැතිවරයකුට ගමන් කිරීමට මාර්ගය වසා තිබියදී වාහනවල නළා ශබ්ද කරමින් ඊට විරෝධය පා පොලිස් අණ නොතකා ගිය වාහන සොයා පොලිසිය විමර්ශනයක් අරඹා ඇත.

කොළඹ ටවුන්හෝල්හි නෙළුම් පොකුණ ආසන්නයේදී රජයේ ප්‍රබල අමාත්‍යවරයකුට ගමන් කිරීමට මාර්ග වසා දමා තිබුණේ පොලිසිය මැදිහත් වීමෙනි.

ඒ මොහොතේ රියැදුරන් හෝන් විරෝධතාවක් කරමින් පොලිස් අණ නොකතා වාහන ධාවනය කර ඇත. සී.සී.ටී.වී.දර්ශන ඔස්සේ පොලිස් අණ නොතකා ගිය වාහන ගැන පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

කෙසේ වුවද ඇමැතිවරුන්ට ගමන් කිරීමට මහ ජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා දැමීමට කටයුතු නොකරන ලෙස පසුගිය 21 දා පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *