ඇමතිනි තලතා රු. මිලියන 1500ක් වංචා කරලා!

March 9, 2019 at 8:36 am | by admin

තලතා අතුකෝරල විදේශ රැකියා ඇමැතිවරිය ලෙස කටයුතු කළ සමයේදී රක්‍ෂණ ක්‍රමයක්‌ හඳුන්වා දීම හේතුවෙන් රුපියල් මිලියන 1500 ක වංචාවක්‌ සිදුවී ඇති බවට, බස්‌නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරලගේ, 2015-18 රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනපති කොමිසම වෙත පැමිණිලි කළේය.

තලතා අතුකෝරල විදේශ රැකියා ඇමැතිවරිය ලෙස කටයුතු කළ සමයේ මැදපෙරදිග රැකියා සඳහා යොමු වන ශ්‍රමිකයන් සඳහා රක්‍ෂණ ක්‍රමයක්‌ හඳුන්වා දීමට ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක්‌ නිසා එම වංචාව සිදුවී ඇති බවත් ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *