2023 වසරේ භාණ්ඩාගාරය දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
අද (10) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ ය.
ඒ අනුව, සියලු ම අමාත්‍යංශ සඳහා අයවැය ලේඛනයෙන් වෙන් කර ඇති මුදල්වලින් 5%ක් කපා හරින බවට ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇත.
එමෙන් ම රාජ්‍ය සේවක වැටුප් ගෙවීම පිළිබඳව දුෂ්කරතාවක් පවතින බැවින් සමෘද්ධි දීමනාව ලබා දීම සති දෙකක් පමණ ප්‍රමාද විය හැකි බවට ද ජනාධිපතිවරයා දැනුම් දුන් බව බන්දුල ගුණවර්ධන වැඩි දුරටත් පැවසීය.