ආර්ථිකය වට්ටා බලය ගන්න හදන අයට ණය ප්‍රතිව්‍යුහගතකරණයට විරුද්ධයි…!

June 30, 2023 at 4:28 pm | by emanisa.lk

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අවබෝධයක් නොමැති අය එම වැඩපිළිවෙළ දේශපාලනීකරණයට උත්සාහ කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරයි.

එම පක්ෂයේ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර ප්‍රකාශ කළේ, රට ණය ගෙවාගත නොහැකි තරමට බංකොලොත් යැයි ප්‍රකාශයට පත් කළ පසු ණය ප්‍රතිව්‍යුහගතකරණය හැර විකල්පයක් නොමැති බවයි.

කවර පක්ෂයක් මේ අවස්ථාවේ ආණ්ඩු කළ ද කවුරු බලයට පත් වුව ද මෙම ප්‍රතිසංස්කරණ වෙත අප යා යුතුව ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය.

රට වට්ටා රටේ ආර්ථිකය වට්ටා බලය අල්ලා ගැනීමට කල්පනා කරන අයට මෙම වැඩපිළිවෙළට විරුද්ධ විය හැකි බව ද මහාචාර්ය රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *