ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හමුව ගාලගෝට්ටියක් වෙයි…! හමුව මඟහැර විමල් උසාවි යයි…!

February 9, 2021 at 10:53 am | by emanisa.lk

මේ වන විට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම ඉතා උණුසුම් වී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

අමාත්‍ය විමල් වීරවංශ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විවේචනය කරමින් කර තිබූ ප්‍රකාශයට මෙහි දී පළමුව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා දැඩි විරෝධය පළ කරමින් අදහස් දක්වා ඇත.

ඉන් අනතරුව ඇමැති වාසුදේව නානායක්කාර යම් පැහැදිලි කිරීමක් කිරීමට උත්සාහ කිරීමේ දී අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඊට එරෙහිව අදහස් පළකිරීමත් සමඟ රැස්වීම තවත් උණුසුම් වී ඇත.

මෙහි දී එම උණුසුම සමනය කිරීම සඳහා අගමැතිවරයා ද මැදිහත් වී ඇති බවක් දැනගන්නට ඇත.

කෙසේ වෙතත් තමන්ට අද උසාවි යා යුතු බව දැනුම් දෙමින් අමාත්‍ය විමල් වීරවංශ මෙම රැස්වීමට සහභාගි වී නොමැත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස