ආණ්ඩුව වෙනස් කළ ඡන්දයෙන් දූෂණය පරාජය වුණේ නෑ තවත් ශක්තිමත් වුණා! රටේ අස්සක් මුල්ලක් නෑර දූෂණය පිරී ඉතිරී ගිහිල්ලා!

February 1, 2019 at 6:01 am | by admin

මේ මැතිවරණ වසරක් බවත් නව ආණ්ඩු හැදෙන හදන වසරක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කොළඹ දිස්ත්‍රික් ශ්‍රීලනිප කාර්යාලය විවෘත කිරීමේ උත්සයට එක්වෙමින් හෙතෙම මෙසේ ද කීය.

අදද හමුවේ ඇත්තේ නායකයන් හෝ පක්ෂ පරාජය කිරීම නොව රටට ද්‍රෝහී ජනතාවට ද්‍රෝහි බලවේග පරාජය කිරීමේ වගකීමයි. ආණ්ඩුව වෙනස් කරන මැතිවරණයක දී සටන් පාඨයක් වෙච්චි දූෂණය පරාජය කරන්න පුළුවන්කමක් නෑ ලැබිලා නෑ. දූෂිතයින් සහ දූෂිත බලවේග ශක්තියක් වෙලා තියෙනවා. මත්ද්‍රව්‍ය සහ වෙනත් ව්‍යාපාර සමග බැඳුණු ජාවාරම් දූෂණය රටේ අස්සක් මුල්ලක් නෑර පිරී ඉතිරී ගිහින් තියෙනවා. මම මගේ අතට පොලිසිය අරන් මාස දෙකකට අඩුයි. මේ කාලය තුළ මම ඒ සඳහා අවශ්‍ය අභ්‍යන්තර වෙනස්කම් කළා.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *