ආණ්ඩුව නිරෝධායන බඩු මල්ලටත් සීමා දාලා ජනතාවගෙන් පළිගන්නවා….! – සජිත්….

August 25, 2021 at 10:42 pm | by emanisa.lk

නිරෝධායනය වෙමින් සිටින පවුල් සඳහා ලබා දෙමින් තිබූ රුපියල් 10, 000ක් වටිනා සහන මල්ල සීමා කොට තෝරාගත් පිරිසකට පමණක් ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

කොරෝනා ව්‍යසනය මැද ජීවිතය සහ මරණය අතර අරගල කරන මිනිසුන්ගේ සහන මල්ලටත් සීමා දැමීම තුළින් ආණ්ඩුවේ අමානුෂිකත්වයේ තරම වටහා ගත හැකි බව ඔහු පෙන්වා දෙයි.

එසේම ජනතාවගේ ගෙල සිරකොට හෝ සිය අරමුණු ඉටුකර ගැනීමට දෙවරක් නොසිතන ආණ්ඩුව කොරෝනා ව්‍යසනයෙන් අසරණව සිටින ජනතාවගෙන් ද පළිගැනීමට පටන්ගෙන ඇති බවත් ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ආණ්ඩුව ජනතාවට කැප කිරීම් කරන්නැයි කියන්නේ ආණ්ඩුව විසින්ම ආහාර වියදම් දරාගැනීමේ ශක්තිය අතින් ලංකාව ලොව දුප්පත්ම රටවල් 5 අතරට දමා, වැටුපෙන් 66%ක් ආහාරවලට වැය කරන තැනට රට පත්කර ඇති තත්ත්වයක් තුළ දී බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස