පරිශීලකයන් මිලියනයක් සිටි ඉරාජ්ගේ ෆේස්බුක් ගිණුම තහනම් කරයි!

July 6, 2019 at 8:57 am | by emanisa.lk

ජනප්‍රිය සංගීතඥයකු වන ඉරාජ් වීරරත්නගේ පරිශිලකයන් දස ලක්ෂයක් සහිත නිල ෆේස්බුක් පිටුව ෆේස්බුක් සමාගම විසින් තහනම් කර තිබේ. ඔහු ශ්‍රී ලංකාවේ ඉතාම ජනප්‍රිය සමාජමාධ්‍යජාලා ක්‍රියාකාරිකයකු ලෙස ද සැලකෙයි.

පරිශීලකයන් 434 000ක් සහිත මිලියන 134ක් පමණ නරඹා ඇති youtube චැනලය සහ පරිශීලකයන් 193 000ක් සහිත Instragram ගිණුම ද සම්බන්ධ ඔහුගේ ෆේස්බුක් ගිණුම කිසිදු හේතු දැක්වීමකින් තොරව තහනම් කර තිබේ.

සාමාන්‍යයෙන් ෆේස්බුක් පිටුවක් ඉවත් කරන්නේ නම් එහි හිමිකරුට ඒ සඳහා හේතු දක්වන අතර බොහෝ විට එය සිදුවන්නේ ෆේස්බුක් ආචාරධර්මවලට පටහැනි විටය. එහෙත් Facebook සමාගම ඒ සඳහා කිසිදු හේතු දැක්වීමක් සිදුකර නැත.

පසුගිය සමයේ ඉරාජ් ආණ්ඩුවට එරෙහිව නොයෙක් ප්‍රකාශ නිකුත් කර තිබිණි. නොබෝදා කුරගලට ගිය ඉරාජ් එහි පිහිටි විහාරස්ථානයට විදුලිය ලබා දෙන ආණ්ඩුවෙන් ඉල්ලා සිටි අතර ජනපති සහ රවී කරුණානායක ඒ සඳහා කටයුතු කරමින් සිටින අතර ඇමති සජිත් ප්‍රේමදාස ඊට බාධා කිරීම නිසා විදුලිය ලබා දීම නතර කෙරිණි.

නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කර ගැනීමට සහ සංවර්ධනය කිරීමට කටයුතු කරන ලෙස ඔහු සිය සමාජජාල භාවිතයෙන් ඉල්ලා සිටි අතර එක රැයකින් ජනතාව මිලියන ගණනක මුදලක් ඒ සඳහා පරිත්‍යාග කළ බව ද වාර්තා විය.

මේ තහනම පිටුපස ආණ්ඩුව ඇතැයි ඉරාජ් විශ්වාස කරන අතර මේ වන විට ඔහු Facebook සමාගම වෙත මේ පිළිබඳ පැමිණිලි කර තිබේ. අද මේ රටේ කිසිවෙකුට සිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නොමැති අතර අසාර්ථක පාලනයක් යටතේ අපට ජීවත් වීමට සිදුව ඇතැයි විවිධ පාර්ශව චෝදනා කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස