ආණ්ඩුවේ බදු සහන පිහිටින් චීන ටින්මාළු වෙළෙඳපොළ අල්ලයි! දේශීය කම්හල් 05ක් හාන්සියි!

February 23, 2019 at 9:57 am | by admin

රජයෙන් ලබාදී තිබෙන බදු සහන නිසා චීන ටින් මාළු මෙරට වෙළෙඳපොළ ආක‍්‍රමණය කර දේශීය කර්මාන්තය වැසී යන තත්ත්වයට පත්ව ඇතැයි ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් කමල් අද්දරආරච්චි පවසයි.

ආනයනික ටින් මාළු සඳහා ටින් මාළු කිලෝවකට රුපියල් 102 ක බද්දක් පනවා තිබුණත්, 2015 වසරේ පත්වූ නව රජය මෙම බදු මුදල රුපියල් 50 දක්වා අඩුකර තිබේ.

එම සංගමය ඊයේ (21) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප‍්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සංගමයේ ලේකම්වරයා මෙසේ ද පැවසීය.

රටක් දියුණු වෙන්න අවශ්‍ය නම් ඒ රටේ නිෂ්පාදනයන් ඉහළ යන්න ඕනෑ. ආනයන තුළින් රටක් දියුණු වෙන්නෙ නැහැ. අපේ රටේ නිෂ්පාදන අතින් ධීවර කර්මාන්තයෙන් විශාල වර්ධනයක් දියුණුවකට යන්න පුළුවන්. අපේ රට වගේ 10 ගුණයක් අපිට අයිති මුහුද තියෙනවා. නමුත් අපි ටින් මාළු විශාල ලෙස ආනයනය කරනවා.

රටේ දෛනික ටින්මාළු අවශ්‍යතාව ටින් එක්ලක්ෂ හැත්තෑපන්දහසක් (175,000) පමණ වනවා. දැනට රටේ ටින්මාළු නිෂ්පාදන ආයතන 05ක් තියෙනවා. මේ කර්මාන්ත ශාලාවලින් දවසකට ලක්‍ෂයකට වැඩිය නිපදවන්න පුළුවන්.

මේ ප‍්‍රමාණය නිෂ්පාදනය කරන්නේ එක් සේවා මුරයක් ක්‍රියාත්මක කරලයි. වැඩිපුර නිෂ්පාදනයක් අවශ්‍ය නම් සේවාමුර ප‍්‍රමාණය වැඩිකර අවශ්‍ය නිෂ්පාදනය ලබාදෙන්න පුළුවන්.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *