ආණ්ඩුවේ බදු සහන අපායේ ඉන්ටවල් එකක් වගේ…! – සමන්ත විද්‍යාරත්න…

March 31, 2024 at 9:56 am | by emanisa.lk

ආණ්ඩුව මැතිවරණයක් ආසන්න වන විට බදු අඩු කරන බවත් ඒ හරහා ගොවියන්ට සහනයක් නොලැබෙන බවත් ජාතික ජන බලවේගයේ දේශපාලන බල මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න පවසයි.

“මේවා ඇත්තටම තාවකාලික පැලැස්තර. ඒවා ගොවියාට ලබා දෙන තිරසර විසඳුමක් නෙමෙයි. මේක නිකං අපායේ ඉන්ටවල් එකක් වගේ. රටේ සමස්ත ජනතාවට අවශ්‍ය වන්නේ දේශපාලනික වෙනසක්.

ඡන්දයට කරන රැවටීම් ඉවර වෙනකොට සිය ගුණයකින් දහස් ගුණයකින් යළිත් බදු වැඩි කරනවා, ජනතාවට බදු බර පටවන හැටි අපිට පේනවා. ආණ්ඩුව යම් සහනයක් දෙනවා නම් එය නරකයි කියලා කියන්න බැහැ. සහන දෙන එකේ අරමුණ සහ පසුව සිදු වන ක්‍රියාවලිය බරපතළයි කියලා අපිට පේනවා.

ජනතාවට ගහන්න පුළුවන් උපරිම බදු ගහල පොඩි සහනයක් දීමයි මෙච්චර කල් සිද්ධ වුණේ. නිවැරදි විද්‍යානුකූල විසඳුම් සොයනවා වෙනුවට පාලකයන් මුහුණ දීලා තියෙන ප්‍රශ්නයටයි ඒ අය මේ අය විසඳුම් හොයන්නේ. නිසි විසඳුම් නොදුන්නොත් මීට වඩා බරපතළ ප්‍රශ්නවලට මුහුණ දෙන්න ආණ්ඩුවට සිදුවෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *