කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනකු ඉදිරි කාලයේ දී සිය ඇමැති තනතුරුවලින් ඉවත්වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
ඔවුන් කරූ ජයසූරිය සහ වික්ටර් අයිවන් සමග එක්ව නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මෙලෙස නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟීමට තීන්දු කර ඇතැයි දැන ගන්නට තිබේ.
මේ සමග ආණ්ඩුවේ සරල බහුතරය ද අහිමි වීමේ අවදානමක් පවතින අතර දැනට ආණ්ඩුවට දැනට ඇත්තේ වැඩි ඡන්ද 8-12ක පමණ බහුතරයකි.
මේ වන විටත් පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරි පත් වූ ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රීලනිප පාර්ශ්වයක් ආණ්ඩුවෙන් වෙන්ව කටයුතු කරයි.