එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර කිසිදු ප්‍රතිපත්තිමය වෙනසක් නොමැති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
ආණ්ඩුවට එකතු වීමේ අදහසක් තවම නොමැති වුව ද ආණ්ඩුවට එකතු නොවන බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙස තමාගෙන් ද ඉල්ලා සිටි බව හෙතෙම සඳහන් කරයි.
කෙසේ වුව ද තමා තීන්දු ගන්නේ තම දේශපාලන දර්ශනය අනුව බවත් යම් යම් අය ඉල්ලීම් කළ පමණින් ප්‍රකාශ නිකුත් කරන්නට තමා සූදානම් නොමැති බවත් රාජිත සේනාරත්න අවධාරණය කළේය.