අවුරුදු 14 සිසුවා සමඟ ගුරුතුමිය පැන ගිහින්? ගුරුතුමියයි සිසුවියයි ආ ගිය අතක් නෑ!

October 10, 2020 at 1:35 pm | by emanisa.lk

මාතර දෙනිපිටිය ඌරුවිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි දරුවෙකු සමඟ උපකාරක පන්ති ගුරුවරියක් ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගෙන නිවසින් පැන ගොස් ඇතැයි පවසමින් දරුවාගේ දෙමව්පියන් වැලිගම පොලිසියට පැමිණිලි කර තිබේ.

ඉකුත් 5 වන දිනය සවස 2.00 ට පමණ මෙම දරුවා නිවසේ සිට මීටර් හාරසියයක් පමණ දුරින් පිහිටා ඇති මෙම ගුරුවරියගේ නිවසේ ඇති උපකාරක පන්තියට සහභාගි වී තිබේ. එම අවස්ථාවේ දී මෙම දරුවා සහ දරුවාගේ බාල නැගණියත් වෙනත් ළමයෙකුත් එම පන්තියේ සිට ඇත. පසුව මෙම පන්තිය කෙටි වේලාවකින් අවසන් වී ඇති අතර අතුරුදහන් දරුවාගේ බාල නැගණිය නිවසට ගොස් තිබේ.

ඒ අනුව දියණිය පමණක් නිවසට පැමිණියේ ඇයි ද යන්න පිළිබඳව එම පිරිමි දරුවාගේ මම තුළ ඇති වූ සැකයක් මත මව එම උපකාරක පන්තිය සහිත නිවසට ගොස් විපරම් කර ඇත. එම අවස්ථාවේදී ගුරුවරියගේ මව සහ වයස අවුරුදු දෙකක් වූ දියණිය සිට ඇති අතර ගුරුවරියගේ මව පවසා ඇත්තේ ගුරුවරිය නිවසේ නොමැති බවය.

පසුව මෙම පිරිමි දරුවා සහ ගුරුවරියට කුමක් සිදු වූයේ දැයි සොයා ගැනීමට නොහැකිවූ දෙමව්පියන් ප්‍රදේශවාසීන් සමග ප්‍රදේශය පුරා පරික්ෂා කර එහෙත් කිසිදු තොරතුරක් සොයා සොයාගැනීමට නොහැකි වීම නිසා පිරිමි දරුවාගේ පාර්ශවයේ දෙමාපියන් සහ ඥාතීන් වැලිගම පොලිසියට පැමිණිල්ලි කර තිබේ.

එහෙත් පැය 24ක විසි හතරක පමණ කාලයක් ගත වී ඇතත් වැලිගම පොලිසිය නිවසට පැමිණ හෝ එම උපකාරක පන්තියට පැමිණ කිසිදු විමර්ශන කටයුත්තක් සිදු නොකළ බවට දෙමව්පියෝ චෝදනා කරති. පෙරේදා 7 දින රාත්‍රී 7 වන විටත් පොලිසිය පැමිණ නැත.

ඔවුන් පවසන්නේ පොලිසිය වහා ක්‍රියාත්මක වූයේ නම් මෙම සිද්ධියේ සුලමුල සොයා ගැනීමට හැකියාව තිබුණු බවයි. ඊයේ 08 දිනය පෙරවරුව වන තෙක් මේ පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය නොවීය. එහෙත් දරුවාගේ අතේ ඇති ජංගම දුරකථනය පිළිබද විශ්ලේෂණය කිරීමේ දී මතුගම ප්‍රදේශයේ දී දුරකථනය ක්‍රියාත්මක කර ඇති බවට දුරකථන සමාගම දැන් වූ බව එම දරුවාගේ ඥාතීහු පවසති.

එහෙත් මෙම ගුරුවරියගේ පාර්ශවයෙන් ගුරුවරිය අතුරුදහන් වීම පිළිබඳ කිසිඳු තැකීමක් නොමැතිව ඔවුන්ගේ දෛනික කටයුතු සිදුකර ගනිමින් සිටීම ගැන මෙම දරුවාගේ පාර්ශ්වය බලවත් ලෙස සැක පල කරයි.

එහෙත් මෙම දරුවා සහ ගුරුවරිය අතර ප්‍රේම සම්බන්ධතාවක් ඇති වී ඇති බව ගුරුවරිය සහ මෙම දරුවා අතර ජංගම දුරකථනයෙන් හුවමාරු වූ කෙටි පණිවිඩවලින් තහවුරු වන බව එම දරුවාගේ පියාගේ සහෝදරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස