අලුත් පොලිස්පති තවම නෑ..! හිටපු පොලිස්පති යළි සේවයේ…!

July 8, 2023 at 4:09 pm | by emanisa.lk

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට නැවතත් මාස 03ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි

මේ අනුව වික්‍රමරත්න හෙට (9) හෝ අනිද්දා (10) යළි සේවයට වාර්තා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

2020 වසරේ පොලිස්පති ධූරයට පත් සී.ඩී. වික්‍රමරත්න ඉකුත් මාර්තු මස 25 වැනි දා විශ්‍රාම යෑමට නියමිතව සිටියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාස තුනක 03ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දුන්නේය. එම සේවා දිගුව ඉකුත් ජුනි මස 25 වැනිදා අවසන් විය.

පොලිස්පතිවරයකු විශ්‍රාම යන අවස්ථාවේ ඔහු වෙනුවෙන් පොලිස් ආචාර පෙළපාලියක් පැවැත්වෙන නමුත් සේවා දිගුව අවසන් වූ දින ඔහු වෙනුවෙන් ආචාර පෙළපාලියක් පැවැත්වීමට කටයුතු කර තිබුණේ ද නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *