අලුත් කැසිනෝ ලයිසන් දෙකක්…! නෙළුම් කුලුනෙත් කැසිනෝ…!

January 11, 2024 at 9:17 am | by emanisa.lk

ආණ්ඩුව අලුතෙන් කැසිනෝ බලපත්‍ර දෙකක් නිකුත් කර ඇති බව ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

කැසිනෝ ආයතනවල වැඩ කළ දෙදෙනකුගේ නමින් බලපත්‍ර නිකුත් කර ඇති බවත්, ඔවුන් හරහා ඉන්දියානු ආයතනයකට බලපත්‍ර නිකුත් කර ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය. ඒ අනුව නෙළුම් කුලුනේ කැසිනෝ ශාලාවක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් හෙතෙම කීය.

මෙයට අමතරව ගාල්ල, මහනුවර ඇතුළු කොළඹින් බැහැර ප්‍රදේශවල කැසිනෝ ශාලා ඇරඹීමට ඉල්ලුම් කර ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

ආණ්ඩුව ආදායම් ඉපයීමට උත්සාහ කරන්නේ කැසිනෝ මගින් බව ද, තරුණ තරුණියන්ට රැකියා කිරීමට සිදුව ඇත්තේ ද එම ආයතනවල බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *