අලවතුවල ඇමති වුණේ ජනාධිපතිට එජාපයේ රහස් දීලා!

March 10, 2019 at 10:06 am | by admin

ජේ.සී. අලවතුවල නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ සිට රාජ්‍ය අමාත්‍ය ධුරය දක්වා උසස් වීමක් ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ රහස් ජනාධිපතිවරයාට ලබා දීමට ලබා දීමට කළ සැලකීමක් ලෙස බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි චෝදනා කරයි.

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂ පරාජය කිරීමට එජාප පසුපෙළ මන්ත්‍රීවරු ගෙන යන ව්‍යාපාරයට එරෙහිව රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල ප්‍රකාශයක් නිකුත් කර තිබිණි.

ජේ.සී. අලවතුවල මීට පෙර ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර වර්තමානයේ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *