අර්ථ සාධකේ මත බර පටවන්න IMF කීවේ නෑ..! – හර්ෂ ද සිල්වා…

July 14, 2023 at 8:55 am | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් තුළ කොතනකවත් සේවක අර්ථ සාධකය මත බර පටවන කොන්දේසියක් නොමැති බවත් මේ සම්බන්ධයෙන් විවිධ පිරිස් බොරු ප්‍රචාර සිදු කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

එවැනි කොන්දේසියක් තිබේ නම්, එය පෙන්වන ලෙස මේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන ඕනෑ ම කෙනෙකුට තමා අභියෝග කරන බව ද හෙතෙම කීය.

අදාළ ගිවිසුම රජයක් වශයෙන් ඉදිරිපත් කර ඇති බවත් ඒ සියලු කොන්දේසි ස්වයං පනවා ගැනීමක් බවත් ඔහු සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *