අරගලයෙන් රටට ගැළපෙන හොඳ ම නායකයා ලැබුණා…! – ගැමුණු විජේරත්න…

July 10, 2023 at 12:35 pm | by emanisa.lk

අරගලකරුවන් පාර්ලිමේන්තුවෙන් පිටත ආණ්ඩුවක් තනා රට සිරියාවක් කිරීමට ගත් උත්සාහය අසාර්ථක වූ බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

එම අරගලය පරාජය කිරීමට තමන් කටයුතු කළ ද එම අසාර්ථක අරගලයෙන් සාර්ථක නායකයෙක් රට ලබා දුන් බවයි, ගැමුණු විජේරත්න සඳහන් කළේ.

සුද්දා රට අතහැර ගිය පසු එනම් වසර 74කට පසු රටට උවමනා නායකයෙක් දැන් ලැබී ඇති බවත් අරගලය කළ තරුණයින්ගේ අපේක්ෂා මුදුන්පමුණුවාලීමට ඔහු කටයුතු කරමින් සිටින බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *