අයාලේ යන සමාජ මාධ්‍ය පාලනය කළ යුතුයි..! – ඕමල්පේ සෝභිත හිමි…

January 7, 2023 at 2:37 pm | by emanisa.lk

අන්තනෝමතිකව කටයුතු කරන, අයාලේ යන සමාජ මාධ්‍ය පාලනය කළ යුතු යැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ.

බුදුරජාණන් වහන්සේගේ ජීවමාන ප්‍රතිරූපය වූ දළදා වහන්සේට අපහාස කිරීම බෞද්ධයාට කිසිසේත්ම දැරිය නොහැක්කක් බව පැවසූ උන්වහන්සේ, සේපාල අමරසිංහ බෞද්ධාගමට අපහාස කරන එක් පුද්ගලයකු පමණක් බව ද ප්‍රකාශ කළහ.

මෙවැනි පුද්ගලයන් මේ රටේ තවත් සිටින බවත් ඒ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් සෝභිත හිමියෝ වැඩි දුරටත් පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *