අමල් වෙනුවෙන් පවුලේ නීතිඥයා ඩුබායි යයි!

February 13, 2019 at 9:57 am | by admin

පාතාළ නායක මදූෂ්ගේ සාදයකට ගොස් සිටිය දී අත්අඩංගුවට පත් අමල් පෙරේරා සහ නදිමාල් පෙරේරා වෙනුවෙන් සිය පවුලේ නීතිඥයා ඩුබායි බලා පිටත්ව ගිය බව සොහාන් පෙරේරා පවසයි.

ඒ නීතිඥ උදුල් ප්‍රේමරත්න නොව නිතීඥ ශාබ්දික වෙල්ලප්පිලිය. ඒ සඳහා විදේශ අමාත්‍යංශය ඔස්සේ අවසර ගෙන තිබේ.

මේ අනුව උදුල් ප්‍රේමරත්න මේ සඳහා ඉදිරිපත් වී ඇත්තේ ස්වේච්ඡාවෙන් බව පැහැදිලිය. ඔහු මීට පෙර ද බොහෝ ආන්දෝලනාත්මක නඩු සඳහා නොමිලේ පෙනී සිටියේ. සේයා සඳමිණි දැරිය ඝාතනය කළ කොණ්ඩයා වෙනුවෙන් නොමිලේ අධිකරණයේ පෙනී සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *