අපි වගේ හොරුන්ට දරුවන් ලවා වන්දවන්න එපා!

February 23, 2019 at 4:57 am | by admin

දේශපාලකයන්ට වැඳීමට ළමුන්ට පුරුදු නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් ඉල්ලා සිටියි.

අනුරාධපුර මහඉලුප්පල්ලම මහා විදුහලේ පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“අපි වගේ හොරුන්ට දරුවන් ලවා වන්දවන්න පුරුදු කරන්න එපා. විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට වඳින්න පුරුදු කළාට කමක් නෑ. අපි වගේ එවුන්ට ළමයින්ට හිස නමන්න දෙන්න එපා.”

“අද පාර්ලිමේන්තුව ගියත් මට කනගාටුයි. ආණ්ඩුවේ අය විපක්ෂයේ අයට පට්ට හොරු , කම්බ හොරු කියනවා. මේ වගේ දරුවෝ තමයි ලොකු වෙලා මේවායේ තනතුරුවලට යන්නේනේ. ඒ නිසා ඔබලාගේ දරුවෝ හොඳට හදන්න. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න” යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *