අපි යාපනේට ගියාම ජාතික සිංදුව කියලා පටන් ගන්නේ! – අගමැති (video)

March 11, 2019 at 6:07 pm | by admin

අද තමා යාපනයට ගිය විට ජාතික සිංදුව කියන බවත් ජනතාව සිංහල සහ දෙමළ භාෂාවෙන් ජාතික සිංදුව ගායනා කිරීම ඔස්සේ රට ඒකීය වී ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඊයේ(10) බණ්ඩාරගම දී සිරිකොත ගමට වැඩසටහනට සහභාගී වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය. මෙවැනි තත්ත්වයක් පෙර නොතිබූ බවත් ඒ ඔස්සේ සහජීවනය වෙත පියවරක් තබා ඇති බවත් අගමැති පවසයි.

පසුගියදා යාපනයේ අගමැතිවරයා සහභාගී උත්සවයක දී ජාතික ගීය දෙමළ බසින් මුලින් ද අවසානයේ සිංහල බසින් ද ගැයූ බව වාර්තා විය. මීට පෙර ජාතික ගීය සිංහල සහ දෙමළ බසින් එකවර ගායනා කෙරිණි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *