අපට පාරට බහින්න පුළුවන් රටක් හැදූ රනිල්ගේ වැඩපිළිවෙළ ගැන සතුටුයි…! – බැසිල්…

December 5, 2022 at 5:58 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වත්මන් ක්‍රියාකලාපය පිළිබඳ තමන් සතුටට පත්වන බවත්, ඔහුව ජනාධිපති ධූරයට පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත් තීරණය නිවැරදි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි.

“දැන් නිල වශයෙන් බැලුවොත් මැතිවරණයකට කාලය ඇවිල්ලා තියෙන්නේ. ඉතිං ඒක කොයි විදියට සිද්ධ වෙයිද දන්නේ නෑ. අපි පක්ෂයක් හැටියට සුදානම් ඕනෑම මැතිවරණයකට මුහුණදෙන්න.

රාජ්‍ය පාලනයේ නෑ මම. දැන් රාජ්‍ය පාලනය තහනම් කරලත් තියෙනවානේ 21 වැනි සංශෝධනයෙන්. රාජ්‍ය පාලනයේ නෑ. නමුත් දේශපාලනයේ ඉන්නවා.

මහ ජනතාව 69 ලක්ෂයක් ඡන්දේ දීලා ගෝඨාභය ජනාධිපති කළා. එයා ඉල්ලා අස්වුණා. එතකොට පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයෙක් තෝරගන්න ඕනේ.

ඒ වෙලාවේ අපි තීන්දු කළා ඉතා ම සුදුසු පුද්ගලයා ඒ සඳහා තෝරගන්න. ඒ තෝරා ගැනීම නිවැරදියි කියලා මට හිතෙනවා. මොකද පක්ෂ විපක්ෂ හැම කෙනෙක්ටම නිදහසේ දේශපාලනය කරන්න ඉඩසලසා දිය යුතුයි.

ජනාධිපතිවරයා අපට දේශපාලනය කරන්න, මහ පාරට බහින්න අවස්ථාව ලබා දුන්නා. ආර්ථිකය හා අනෙකුත් ප්‍රශ්න විසඳයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද (05) පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *