අනුර දිසානායකට එරෙහිව සජිත්ගේ නැගණිය නඩු මගට…!

February 24, 2023 at 7:44 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකට එරෙහිව නීතිමය පියවර ගැනීමට දුලාංජලි ජයකොඩි තීරණය කොට තිබේ.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සොහොයුරිය වන දුලාංජලී ජයකොඩි හොර සල්ලි මුද්‍රණය කොට හසු වූ බවට අනුර දිසානායක සිදුකරන ලද චෝදනාවකට එරෙහිවය.

දුලාංජලී ජයකොඩිගේ නීතීඥයින් විසින් ජවිපෙ නායකයා වෙත යොමු කරන ලද ලිපියක සඳහන් වන්නේ ව්‍යාජ මුදල් මුද්‍රණය කොට ගනුදෙනුවක් පියවීම සඳහා ඒවා සිය සේවාදායිකාව වෙත ලබා දුන් H.M.A.K.R. පෙරේරා වැරදිකරු කරමින් කොළඹ මහ අධිකරණය 2017 වසරේ දී දඬුවම් ලබා දුන් බවය. එසේ ම දුලාංජලී ජයකොඩිට රු. ලක්ෂ 20ක වන්දි මුදලක් ද ප්‍රදානය කළ බවය.

එම සිද්ධිය පදනම් කරගෙන ව්‍යාජ ප්‍රකාශ නිකුත් කළ අනුර දිසානායකට මෙන් ම ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරි අයට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන බව දුලාංජලී ජයකොඩි අදාළ ලිපිය මගින් අනුර දිසානායකට දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *