අනුරට බැසිල්ගෙන් තට්ටුවක්..! අනුරගෙන් ඇස් උඩ යන ප්‍රතිචාර…!

January 19, 2022 at 10:05 am | by emanisa.lk

ඊයේ (18) 9 වන පාර්ලිමේන්තුවේ 2 වන සැසිවාරය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පසු තේ පැන් සංග්‍රහයට පාර්ලිමේන්තුව කල් තැබිණි.

පාර්ලිමේන්තු ලොබියට පිවිසි ජවිපෙ නායක අනුර දිසානායක ජනාධතිවරයාගේ ප්‍රකාශය විවේචනය කරමින් මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දුන්නේ ය.

එවිට ඒ අසලින් ගිය බැසිල් රාජපක්ෂ අනුරගේ පිටට ඉතා ම මිත්‍රශීලී ලෙස තට්ටු කළ අතර සිය ප්‍රකාශය ලබා දෙන අතර ම අනුර දිසානායක ඇස් උස් කර බැසිල්ට සිය මිත්‍රත්වය ප්‍රකාශ කළේ ය.

ආණ්ඩුවේ බැසිල් විමල් පාර්ශ්ව අතර සීතල යුද්ධයක් පවතින පසුබිමක බැසිල් සහ ජවිපෙ අතර මෙවැනි මිත්‍රත්වයක් ගොඩනැඟීම බොහෝ දෙනාගේ කුකුසට හේතු වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *