අන්තරේ පාගමන ෆීල්ඩ් මාර්ෂල්ගේ FB පිටුවේ….!

August 18, 2022 at 3:53 pm | by emanisa.lk

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර ඇති ආණ්ඩුට එරෙහි පා ගමනක් සහ විරෝධතාවක් මේ වන විට කොළඹ පැවැත්වෙයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධිත අන්තරේ පා ගමන සමගි ජන බලවේග සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ සමාජ මාධ්‍ය පිටුව මගින් සජීවීව විකාශය කරනු දැකගත හැකිය.

ඉදිරි මහා මැතිවරණය සඳහා සජබ ප්‍රබලයෙකු පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් තරඟ වැදීමේ සූදානමක් පිළිබඳ පසුගිය සමයේ මාධ්‍ය වාර්තා පළ විය.

පසුගිය අගෝස්තු 08 වෙනිදා කොළඹට පැමිණෙන ලෙස ජනතාවගෙන් සරත් ෆොන්සේකා ඉල්ලා සිටිය ද සජබයෙන් ඒ සඳහා කිසිදු මහයක් ප්‍රකාශ නොවිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *