අනතුරට ලක්වූ ජැක්සන් සැත්කමකින් පසු ජාතික රෝහලට…!

July 3, 2022 at 11:15 am | by emanisa.lk

රිය අනතුරකට ලක් වූ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී සැත්කමකින් අනතුරුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව ජාතික රෝහල පවසයි.

අනුරාධපුර, තලාව, මොරගොඩ ප්‍රදේශයේදී ඊයේ (02) රාත්‍රියේ ඔවුන් ගමන් කළ කැබ් රථය වල් අලියෙකුගේ ඇඟේ ගැටී මෙම අනතුර සිදුවිය.

එම අනතුරින් තුවාල ලබූ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරින් ශිල්පී ජැක්සන් ඇන්තනී සමඟ තවත් දෙදෙනෙකුට තුවාල සිදුවිය. ඔවුන් දෙදෙනා මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඉන් එක් අයෙකු ප්‍රතිකාර ලබන්නේ දැඩි සත්කාර ඒකකයේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *