අධිවේගී මාර්ග තනා උතුර – දකුණ එක්සේසත් කිරීම ජනාධිපතිතුමාගේ ඉලක්කයයි…! – ජොන්ස්ටන්…

October 3, 2021 at 6:36 pm | by emanisa.lk

අධිවේගී මාර්ග හරහා උතුරු, දකුණ, නැගෙනහිර හා බටහිර එකතු කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බලාපොරොත්තුව බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා හමුවූ අවස්ථාවේ දී මහ මාර්ග අමාත්‍යවරයා ඒ බව පවසා ඇත.

මෙම හමුවට එක්වී සිටි ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ආචාර්ය චෙන් චෙන් පෙන්වා දී ඇත්තේ දකුණු ආසියාවේ හොඳ ම අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගය බවය.

ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ, මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛතා මාර්ග (I Road) ව්‍යාපෘතිය ඉතා සාර්ථක බවත් බංගලාදේශය හා ඉන්දියාවේ ග්‍රාමීය මාර්ග සඳහා භාවිත කරන්නේ ද එම (I Road) මොඩලය බවත්ය.

මෙහි දී ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති, මාර්ග ආරක්ෂාව, තදබදය කළමනාකරණ වැඩසටහනක් අලුතින් ආරම්භ කිරීම හා තවත් මහා මාර්ග සංවර්ධන ව්‍යාපෘති සංවර්ධනය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published.