අතහැර දැමූ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි අරඹයි…!

March 15, 2023 at 10:59 am | by emanisa.lk

කොළඹ කොටුව – මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙි.

ඒ සඳහා විකල්ප යෝජනා ලබාගැනීම සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පසුගියදා කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කළේය.

කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිකිරීමට යෝජනා කර තිබුණි. කෙසේ වුව ද පසුගිය ගෝඨාභය රාජපක්ෂ රජය එම ව්‍යාපෘතිය අධික වියදම් සහිත බව ප්‍රකාශ කර අතහැර දැමීමට කටයුතු කළේය.

රාජ්‍ය සේවකයන් දහස් ගණනක් කොළඹ – මාලබේ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සේවය කරන බැවින් ඔවුන්ට මෙම දුම්රිය සේවයෙන් කාලයත් මුදලත් ඉතිරිකර ගත හැකි වනු ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *