අගමැතිකම භාර ගන්න සජිත් සූදානම්…!

May 11, 2022 at 11:36 am | by emanisa.lk

අග්‍රාමාත්‍ය තනතුර කරු ජයසුරියට හෝ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට භාර ගන්න ලෙස යෝජනා කර ඇති බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර අග්‍රාමාත්‍ය නතතුර භාර ගැනීම සම්බන්ධයෙන් සමගී ජනබල සන්ධානය නියෝජනය කරනු ලබන සියලු ම දේශපාලන පක්ෂවල නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ.

එහි දී බහුතර කැමැත්ත අනුව සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට නම් ජනාධිපති ධූරයෙන් ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්විය යුතු බවට යෝජනා වී ඇත.

ඒ අනුව මෙම රැස්වීමේදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් අද දිනයේදී සමගී ජනබල පක්ෂය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් දැනුවත් කොට ඔවුන්ගේ ද අදහස් විමසා බැලීමට නියමිතය.

ඉන් පසුව ඒ සම්බන්ධයෙන් කරුණු ඇතුලත් යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත යොමු කිරිමට නියමිතව ඇති බවයි, දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *