අකාර්යක්ෂම රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි..! ඛනිජ තෙල් එකට සේවකයින් 4200ක් ඕන නෑ…! 500ක් හොඳට ම ඇති…! – කාංචන…

August 28, 2022 at 12:41 pm | by emanisa.lk

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ සිටින සේවකයින් 4,200 වෙනුවට ක්‍රියාශීලි සේවකයින් 500 දෙනෙකුගෙන් එම ආයතනවල කාර්යක්ෂමතාව ඇති කළ හැකි බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහන් තබමින් ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ 26,000ක් වන ලංකා විදුලිබල මණ්ඩල ශ්‍රම බලකාය අඩක් දක්වා අඩු කළ හැකි බවය.

අකාර්යක්ෂම සේවකයින්ගෙන් වෘත්තීය සමිති වර්ධනය වන බව ද මෙරට රාජ්‍ය ආයතන බොහෝමයක් ප්‍රතිවිව්‍යුහ කිරීම අත්‍යවශ්‍ය බව ද විදුලිබල හා බලශක්ති කංචන විජේසේක පවසයි.

ඇමතිවරයා පෙන්වාදෙන්නේ දේශපාලන තීරණ, දේශපාලන පත්වීම්, වැරදි පරිපාලනය සහ නොහැකියාව රාජ්‍ය ආයතන පහත වැටීමට හේතුව බවය.

රාජ්‍ය අංශයේ සේවය කරන බොහෝ සේවකයින් පෞද්ගලික අංශය තුළ සේවය කිරීම හෝ පෞද්ගලික අංශයේ සේවය සඳහා බඳවා ගනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද ඇමතිවරයා සඳහන් කරයි.

රාජ්‍ය ආයතනවල කාර්යය සාධනය පදනම් කරගත් වැටුප් ක්‍රමයක් අනිවාර්යය බවද ඇමතිවරයාගේ මතයයි. ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්තය යන ආයතනවල සිටින සේවකයින්ගෙන් බහුතරයක් අකාර්යක්ෂම බවද ඇමතිවරයා සිට සටහනින් දක්වා ඇත

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *