අංගොඩ ලොක්කාගේ කුඩු ඇද්ද උකුස්සා මහජන ප්‍රදර්ශනයට!

November 25, 2020 at 8:12 pm | by emanisa.lk

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමට යොදා ගත් බව පැවසෙන උකුස්සා මහජන ප්‍රදර්ශනය සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ.

එම උකුස්සා දෙහිවල සත්ත්වෝද්‍යානයේ අනිකුත් උකුස්සන් සමග මහජන ප්‍රදර්ශනය සඳහා තැබීමට බලධාරීන් පියවර ගෙන ඇත.

රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට දෙහිවල සත්ත්වෝද්‍යානය මහ ජනතාව සඳහා විවෘත කර නොමැති බැවින් එය විවෘත කළ පසු මෙම උකුස්සා දැක බලාගැනීමට මහ ජනතාවට අවස්ථාව හිමි වන බව වාර්තා වේ.

මෙම උකුසු විශේෂයට කිලෝග්‍රෑම් 15ක පමණ බරක් ඔසවා ගෙන යාමට හැකියාවක් ඇතැයි සැලකෙන අතර විධානයන් අනුව කටයුතු කිරීම සඳහා පුහුණු කළ හැකි බව ද වනජීවි නිලධාරීහු පවසති.

අංගොඩ ලොක්කා පසුගිය දා අභිරහස් ලෙස ඉන්දියාවේ දී මරුමුවට පත් වූ බව වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *