VIP ඇම්බියුලන්ස් විතරක් නෙමෙයි…! අනුරත් VIP දොරටුවෙන් මව්බිමට…!

February 10, 2024 at 8:15 pm | by emanisa.lk

ඉන්දීය සංචාරය නිමා කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ඇතුළු පිරිස අද (10) නැවත දිවයිනට පැමිණියේය.

ඉන්දීය රජයේ නිල ආරාධනාවකට අනුව අනුර දිසානායක, විජිත හේරත් ඇතුළු කණ්ඩායමක් මෙම සංචාරයෙහි නිරත විය.

එම පිරිස නැවත ලංකාවට පැමිණීමේ දී කටුනායක ගුවන් තොටුපළේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තය (VIP) භාවිත කෙරිණි.

පසුගිය අරගල සමයේ ප්‍රකාශ වූයේ මින් පසු VIP වන්නේ ඇම්බියුලන්ස් පමණක් බවයි. එම අරගලයට ජනතා විමුක්ති පෙරමුණ ද සක්‍රීයව එකතු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *