පසුගිය ආණ්ඩු දේශපාලන අරමුණු උදෙසා පාසල් භාවිත කළ බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසයි.
එහෙත් තමන් පැමිණියේ පාසල් පද්ධතිය ගොඩනැගීමේ සිය උවමනාව වෙනුවෙන් බව ද හෙතෙම පෙන්වා දෙයි.
එකල ගුරුවරුන් දණ ගැස්සූ බවත් පාසල්වල සංවර්ධන කටයුතු නිසි ලෙස සිදු නොවූ බවත් චන්දන සූරියආරච්චි ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ 2019 වසරේ ඉදිකළ පාසල් ගොඩනැගිල්ලක දෙවෙනි මහල සඳහා මුල්ගල තබමිනි.