QR ක්‍රමේ නිසා පෝලිම් විතරක් නෙමෙයි අපිත් නැති වුණා…! – ටැංකි රථ හිමියෝ…

August 23, 2022 at 8:13 pm | by emanisa.lk

ඉන්ධන අර්බුදයට විසඳුම් ලෙස රජය හඳුන්වා දෙන ලද QR ක්‍රමවේදය හේතුවෙන් ඉන්ධන අලෙවිය 60%ක් පහත වැටුණු බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා අද (23) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, මෙම තත්ත්වය යටතේ ටැංකි රථ හිමිකරුවන් සහ පිරවුම්හල් හිමියන් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවයි.

ඉන්ධන ඉල්ලුම අඩු වීම නිසා පිරවුම්හල් හිමියන් තෙල් ඇනවුම් කිරීම අඩු කර ඇති බවත් එහෙයින් ටැංකි රථ හිමි ගමන් වාර ප්‍රමාණය ද සීමා වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ලංගම ඩීපෝ මගින් බස් සඳහා ඩීසල් ලබා දීම ද ඒ සඳහා හේතු වී ඇතැයි හෙතෙම කියයි.

QR ක්‍රමවේදය හඳුන්වා දීමට පෙර මසකට ඩොලර් මිලියන 600ක පමණ ඉන්ධන ආනයනය කළ ද මේ වන විට එය මිලියන 230ක් පමණ දක්වා පහත බැස ඇතැයි ශාන්ත සිල්වා සඳහන් කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *