QR ක්‍රමය සාර්ථක වෙයි…! ඉන්ධන සැඟවීම සීමා වෙයි..! නැව් 06ක් මාසෙකට ඇති…!

August 15, 2022 at 8:05 am | by emanisa.lk

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම සඳහා මාසයකට 35,000ක පෙට්‍රල් නැව් 03 ක් හා ටොන් 40,000ක ඩීසල් නැව් 03 ක් ප්‍රමාණවත් බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

සිපෙට්කෝ ආයතනය සතුව රට පුරා ඉන්ධනහල් 1200 ක් ද, ඉන්දියන් ඔයිල් සමාගම සතුව ඉන්ධනහල් 225 ක් පමණ ද පවතියි.

ඇතැම් ඉන්ධනහල් පසුගිය සමයේ QR ක්‍රමයට අනුගත නොවූ අතර මේ වන විට එය බොහෝ දුරට යථා තත්ත්වයට පත්ව ඇත.

රට පුරා සියලු ම ඉන්ධනහල්වලට රැගෙන යන ඉන්ධන ප්‍රමාණය සහ QR ක්‍රමයට කොපමණ ඉන්ධන ලබා දී තිබේද යන්න ඇතුළු සියලු දත්ත ඛනිජ තෙල් සංස්ථාවට නිරතුරුවම පරික්ෂාවට ලක් කරන බවත් දැන ගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *